Friday, September 27, 2013




Internet base learning

අන්තර්ජාලය හරහා ඉගෙනුම ගැන සලකා බලන විට අද වන විට එය ඉතා ජනපි‍්‍රය ඉගෙනුම් කි‍්‍රයාවලියක් බවට පත්ව තිබේ.පන්තිකාමරය තුළ පැවති ඒකාකාරී ඉගෙනුම් රටාව කළුලෑල්ල,ගුරුවරයා ,දේශන ක‍්‍රමයෙන් මිදී සිසුන්ට පහසුවෙන් අත්දැකීම් ලබාගනිමින් ඉගෙනුම් කි‍්‍රයාවලියෙහි නිරතවීමට අන්තර්ජාලය මහෝපකාරී වී තිබේ. අන්තර්ජාලය පන්තිකාමර ඉගෙනුමට පමණක් නොව සෑම වයස් කාණ්ඩයකටම ඉගෙනිමට බොහෝ දෑ අන්තර්ගත තෝතැන්නකි.


සිසුනට තමන් කැමති ඕනෑම වේලාවක තමන්ට අදාළ වෙබ් අඩව් වල ඇති පාඨමාලාවලට පිවිසීමේ හැකියාව ලැබීම අන්තර්ජාලය හරහා ඉගෙනුමේ වැදගත් වාසියකි . සිසුවකු පාසලේ හෝ වෙනත් ආයතනයක පාඨමාලාවක් හදාරන විට අදාළ ගුරුභවතා උගන්වන දෑ නැවත නැවත මතක් කර ගැනීමට ඉතිරි වන්නේ තමන් ලියා ගත් සටහන් පමණි.නමුත් අන්තර්ජාලය භාවිතයෙන් සියලූම ගුරු කි‍්‍රයාකාරකම් සහිතව නැවත නැවත නැරඹීමේ හැකියාව තිබීම සිසුන්ගේ ඉගෙනුමට මහගු අත්වැලකි. කිහිප විටක් අධ්‍යනය කර මතකයේ තබා ගැනිමේ හැකියාව මේ තුළින් සිසුන්ට උදාවේ.


අන්තර්ජාලය හරහා ඉගෙනුමේ තවත් වැදගත් වාසියකි අධ්‍යාපනය නිසා සිසුන් වෙහෙසට පත් නොවීම. පන්ති කාමරයක මෙන් නොව තම අධ්‍යන කාලය තමාට රිසි පරිදි වෙනස්කර ගැනීමට තමාට හැකියාව තිබේ .


විවිධ වෙබ් අඩවි වල ඇති පාඨමාලා තුළින් තමන්ට වඩාත් යෝග්‍ය පාඨමාලාව තෝරා ගැනීමට හැකියාවද අන්තර්ජාලයේ ඇති තවත් වටිනාකමකි.


එපමණක් නොව තම පාඨමාලාවට අදාළ රූප,ශබ්ද, චලන රූප, වීඩියෝ දර්ශන ආදිය මගින් නැරඹීමේ පහසුකමද අන්තර්ජාලය හරහා ඉගෙනීමේදී අපට ලැබේ.


විශේෂයෙන් භූගෝල විද්‍යාව ,රසායන විද්‍යාව,භෞතික විද්‍යාව ආදී විෂයන් ඉගෙනීමේදි ඇතිවන ඉගෙනුම් දුෂ්කරතා මෙම ඉහත පහසුකම නිසා විසදී ඇත.


විවිධ උසස් පාඨමාලා හැදෑරීම මෙන්ම විභාග වලට පෙනී සිටීමට අවස්ථාව උදාවී තිබීමද අන්තර්ජාලය හරහා කෙරෙන තවත් ඉගෙනුම් උපකාරයකි.


අන්තර්ජාලය හරහා කෙරෙන මෙම ඉගෙනුම් උපකාරය හේතු කොට ගෙන සිසුනට අත්වන මූල්‍යම වාසි මෙන්ම වෙනත් වාසිද බොහෝය .පන්තියකට සහභාගී වීමට අවශ්‍ය නොවන හෙයින් සිසුන්ගේ කාලය ශ‍්‍රමය මෙන්ම වියදමද ඉතිරි වීම සිසුනට ලැබෙන තවත් වාසියකි.


අන්තර්ජාලය හරහා මෙලෙස ඉගෙනුම් කි‍්‍රයාවලියෙහි යෙදෙනවිට TEXT BOOKS සඳහා වැයවන වියදම ඉතිරි වන අතර E-TEXT BOOKS මගින් ඔවුන්ගේ දැනුම නොමිලයේ වර්ධනය කර ගත හැක.

අන්තර්ජාලය හරහා කෙරෙන තවත් වැදගත් ජනපි‍්‍රය ඉගෙනුම් කි‍්‍රයාවලිවකි Video Conferences'. මෙමගින් විශ්ව දැනුම හුවමාරු කරගැනීමෙන් ඉගෙනුම වඩාත් අර්ථවත්කර ගැනීමට හැකියාව ලැබී ඇත. විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුනට විදේශ වල සිටින මහාචාර්්‍ය වරුන්ගේ දේශනවලට සහභාගී වී තම දැනුම තරකර ගැනිමට මෙමගින් හැකියාව ලැබී තිබේ.


මෑතක් වන තුරුම අපි අපේ දනුම පමණක්ම යොදාගන ඉදිරියට යෑමට උත්සහ ගතිමු .නමුත් අන්තර්ජාලය හරහා ලැබී ඇති මෙම විශ්ව ගම්මාන සංකල්පය හේතු කොට ගෙන විවිධ රටවල දැනුම හුවමාරුකර ගැනීමට අවස්ථාව උදාවී ඇත. එමගින් විවිධ නිර්මාණ , මෙන්ම නව සොයා ගැනීම් වලට පෙලඹීමේ ප‍්‍රවනතාවක් අපට අද දැකගත හැක.

Disadvantages

අන්තර්ජාල ඉගෙනුම් රටාව හේතු කොට ගෙන ගුරු සිසු සමාජ සබදතාව බිද වැටී ඇත. ගුරු සිසු සබදතාව ගිලිහියාම හේතුකොට ගෙන තමාට ඇතිවන ගැටළුවලට විසදුම් ලබාගැනිමේ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවීම මෙම ඉගෙනුම් රටාවේ ඇති අවාසියකි.


මෙම ඉගෙනුම් රටාවේ ඇති තවත් අවාසියක් වන්නේ වෙබ් අඩවි වල අසත්‍ය තොරතුරු පළකර තිබීමයි .මෙවැනි වෙබ් අඩවි අධ්‍යනය කිරීමෙන් සිසුන් නොමග යෑමේ අවස්ථා උදාවිය හැක.


ඉහත කරුණු අනුව අන්තර්ජාලය හරහා වෙබ් අඩවි අධ්‍යනය කිරීමෙන් දනුම වර්ධනය කර ගතහැකිවාක් මෙන්ම අන්තර්ජාලය හරහා වෙබ් අඩවි අධ්‍යනය කිරීමේ අවාසිද අපට හදුනා ගත හැක.

Saturday, September 14, 2013

ව්‍යාපෘති මාතෘකාව

රුධිර සංසරණ පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍යය (විද්‍යාව)

පසු බිම් වූ කරුණු

හෘදය වස්තුවේ රුධිර ගමනාගමනය , රුධිර වාහිනී ,ධමනි, කේශනාලිකා හා විවිධ කපාට හා අනෙතුත් වැදගත් කි‍්‍රයාකාරකම් පිළිබද ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියේදි සිසුනට වටහා දිමට අපහසු බැවින් එම කි‍්‍රයාකාරකම් සියැසින් දැකගැනීමට සැලැස්වීම තුළන් අදාළ පාඩම පිළිබඳ සම්පූර්ණ දැනුම සහ අවබෝධය ලබා දීම.

ඉලක්ක කණ්ඩායම

10 ශ්‍රේණිය

ඉලක්ක සහ අරමුණු

මනුෂ්‍ය ශරීරයේ ප‍්‍රධාන අංගයක්වන හෘදයවස්තුවේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම හෘදයවස්තුවේ විවිධ කපාට හා අනෙතුත් වැදගත් කොටස් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම

ස්වාභාවික සංසිද්ධියක් පිළිබඳ විද්‍යාත්මක පදනම අවබෝධ කරගැනීමට අවශ්‍ය නිපුණතා වර්ධනය කර ගනියි.

මෘදුකාංග පිළිබඳ සටහන

Educational Software

හැඳින්වීම

ස්වාභාවික සංසිද්ධියක් පිළිබඳ විද්‍යාත්මක පදනම අවබෝධ කරගැනීමට අවශ්‍ය නිපුණතා වර්ධනය කර ගැනීමට එය සැබෑ ආකාරයෙන්ම දැකගැනිම වැදගත්වේ.


එලෙස යම් සංසිද්ධියක් දෙස ඇස සහ කණ යන ඉන්ද්‍රියන් දෙකෙන් ඇසීම සහ දැකීම තුළින් යමෙකු තුළ මතකයේ රදවාගැනිමේ ප‍්‍රවණතාවය ඉහළ මට්ටමකට ගෙනයා හැකි බව පිළිබද විවිධ දාර්ශනිකයන් මතඉදිරිපත්කොට තිබේ.


ඉහත ව්‍යාපෘතිය මගින් ද හෘදය වස්තුවේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම රුධිර ගමනාගමනය , රුධිර වාහිනී ,ධමනි, කේශනාලිකා හා විවිධ කපාට හා අනෙතුත් වැදගත් කි‍්‍රයාකාරකම් පිළිබද සැබෑ අත්දැකීම් ලබාදීමට මම බලාපොරොත්තු වෙමි.

කාලය

පැය 01 මිනිත්තු 20